ප්‍රදේශයට පවතින වැසි තත්වයන් මත ගිනිගත්හේන හැටන් ඒ 07 මාර්ගයේ කොටසක් ගිලා බැසිමත් සමග එම ස්ථානයේ රථ වාහන ධාවන කටයුතු එක් මංතිරුවකට සිමා කිරිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ගිනිගත්හේන හැටන් මාර්ගයේ ගිනිගත්හේන හිංදු කෝවිල අසල මාර්ගයේ කොටසක් 03වන දින ගිලා බැසිමට ලක්ව ඇති බවත්ය.

එම තත්වයන් මත එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු එක් මංතිරුවකට මේ වන විට සිමා කිරිමට පියවර ගෙන ඇති බවත් එම තත්වයන් පිලිබද අවදානය යොමු කර මෙම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවන ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts