රට පුරා පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යාතන බලපත්‍ර අලුත් කිරිම තාවකාලිකව අත්හිටවු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
2021 වර්ෂයට අදාලව ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යාතන බලපත්‍ර අලුත් කිරිම මීට සති කිහිපයකට ඉහතදි ආරම්භ විය.
නමුත් රටේ පවතින වාතාරණය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හේතූන් මත ආරක්ෂක අමාත්‍යාංශයට මහජනතාව පැමිණිම සීමා කිරිමට පියවර ගෙන ඇත. ඒ් අනුව මෙම කටයුතු නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටවු බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ශානිකා