නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් චීනයට ගමන් නවත්වන බව ජාත්‍යන්තර ගුවන් සමාගම් නිවේදනය කරයි.
ඒ අනුව ‘එයාර් ෆ්රාන්ස්’, ‘බ්‍රිටිෂ් එයාර්වේස්’, ‘කැතේ පැසිෆික්’, ‘ෆින් එයාර්’, ‘ලයන් එයාර්’, ‘යුනයිටඞ් එයාර්ලයින්ස්’ සහ ‘යුරල්ස්’ යන ගුවන් සමාගම් හත ගුවන් ගමන් නවතා දමා ඇත.
විදෙස් ගමන් අවලංගු කරන්නැයි ද කණ්ඩායම් ලෙස විදෙස් සංචාර වීම කල් දමන්නැයි ද චීනය එරට වැසියන්ට උපදෙස් දී ඇති අතර චීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ඇතැම් රටවල් එරට වැසියන්ට උපදෙස් දී ඇත.