ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබේ. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් නිපදවනු ලබන බීජ ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහායි. මේ අතර මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි දෙමුහුම් බීජ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපළ මඟින් නිශ්පාදනය පුළුල් කිරීම මේවනවිටත් ආරම්භ කර ඇති බවයි එම’ දෙපාර්තමේන්තුව පැවසුවේ.
Similar Posts
මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ…
නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම
මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා දිත්වයෙන්ම සකස් කරන ලද්දකි. ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව…
යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි
පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා…
වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මරුට
අරලගංවිල පොලොස් වසමට අයත් නිකවත ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (20) උදෑසන වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (32)දෙදරු මවක් බව පොලිසිය වැඩි දුරටත් කීය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ උදෑසන 8.30 කුඹුරට යමින් සිටියදී බවත්…