ගෝඨාභයගේ දෘෂ්ඨිවාදි අධිකරණය අපි පරාජය කරනවා! – ගාමිණී වියන්ගොඩ
“සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මටත්, චන්ද්‍රගුප්ත තේනුවරටත් මරණිය දණ්ඩනය නියම කරන අධිකරණය මොකද්ද? ඒ අධිකරණය තමයි ගෝඨාභය රාජපක්ෂ විසින් මේ සමාජයේ ඇති කරලා තියෙන දෘෂ්ඨිවාදි අධිකරණය. අපි නොවැම්බර් 16 වෙනිදාට පරාජය කළ යුත්තේ මෙන්න මේ දෘෂ්ඨිවාදි අධිකරණයයි. ඔවුන්ට බලයට එන්න දුන්නොත් අද මේ තියෙන සාධාරණ අධිකරණය අභාවයට යනවා. ඒ නිසා අපි මේ කථා කරන්නේ ප්‍රජාතන්තවාදය සහ පැසිස්ට්වාදය අතර ප්‍රශ්නයක්.
අපි ඊයේ මේ ගැන සී.අයි.ඩී යට ගිහින් පැමිණිලි කළා. මොකද්ද මේ තත්ත්වය? මගේ තිබු සැකයක් දුරු කර ගන්න අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණය ඒ සැකය දුරු කරලා නිරවුල් නීන්දුවක් දුන්නා. ඒක මගේ පාර්ශවයට කැමැත්තක් දෙන තීන්දුවක් නෙමේ. අනිත් පාර්ශවයට කැමැත්ත දෙන තීන්දුවක්. හැබැයි ඒක අධිකරණය දීපු තින්දුවක් විදිහට මම ගෞවරනීයව පිළිගත්තා. ඒකට හිස නැමුවා. හිස නැමුවට පස්සේ මට එනවා වෙනත් අධිකරණයකින් මරණිය නියෝග.”
ඊයේ (09) දින රාජගිරියේ පිහිටි මාධ්‍ය හමුවකදී මේ බව පැවසු ඔහු එහිදි වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
තවද, “NGO කාරයෙක්, දේශද්‍රෝහියෙක්, අධිරාජ්‍යවාදී ගැත්තෙක් හා UNP කාරයෙක් කියන ලේබල් ඇලවෙනවට බිය වූ කාලයක් තිබුණා. අපි දැන් ඒ බයට යටවෙන්නේ නෑ. මේ රටේ මිනිසුන් හා රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බය නැතුව ඕනෑම ලේබලයක් අලවා ගැනීමට අපි සුදානම්” බවද පුරවැසි බලය සම කැඳවුම්කරු, ප්‍රවීණ ලේඛක ගාමිනි වියන්ගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.