යුධ හමුදා මුලස්ථානය විකිණු ගෝඨාභය රාජපක්ෂට ජාතික ආරක්ෂාව බාර දෙනවා කියන්නේ නරියන්ට කුකුලන් බාර දුන්නා වගේ යැයි කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා උස්වැටකෙයියාව මහතා පවසයි.
පවුල් පාලනයකට නායකත්වය දෙන ගොඨාභය රාජපක්ෂ මහතා අද නවීන තාක්ෂණයෙන් යුත් දේශයක් ඇති කිරිමට කථා කරන බවත් නමුත් රදල වැඩවසම් පාලකයන්ට කිසිදිනෙක නවීන තාක්ෂණයත් සමග දේශයක් ගොඩ නගනවා තියා අලූත් පම්පරාවකට නායකත්වයවත් දිය නොහැකි බවද ඒ මහතා පවසයි. අද මොවුන් කටයුතු කරන්නේ රටේ ආරක්ෂාවට නොවන බවද පවුලේ, හිතවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවද රාජා උස්වැටකෙයියාව මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මේ වන විට දේශිය හා විදේශිය නැති සතුරන් මවා පාමින් මේ රටේ අහිංසක ජනතාව රවට්ටන බවත් ආගම් විරෝධය ඇති කරමින්, ජාතීන් අතර අසමගිකම් ඇති වන විදිහට වැඩ කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය.
ශානි පොල්ගම්පල