ජනතාවට මිල අඩුවට ලබාගත හැකි මත්පැන් බෝතලයක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් .ලබදී ඇත . රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කැඳවූ අවස්ථාවේ ඔහු මෙලෙස උපදෙස් ලබදී ඇත.
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇත්තේ දෛනිකව රුපියල් 3000ක වැටුපට රාජකාරි කරන පුද්ගලයෙකුට මත්පැන් කාලක් ලබා ගැනීමට රුපියල් අටසීයක් වැය වන බවයි.
මත්පැන් මිල ඉහළ යාමෙන් අද වන විට නීති විරෝධී මත්පැන් අලෙවිය සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ජනතාව අතර සෞඛ්‍ය අවධානමක්ද පැන නැඟී ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මෙහිදී පෙන්වා දුන්නේය.