තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද(21)   ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුලු  21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා ලිටත්ව ගොස් තිබේ.

හෙට (22) පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ සිදුකෙරෙන අවසන් සංචාරය මෙය වේ.

More Stories