ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද  (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය. දෙදින නිල සංචාරයක් සඳහා වන මෙම සංචාරයේදී හෙට (29) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇත. ඒහිදි ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති රාම්නාත් කොව්න්ද් මහතා හමුවීමටද  නියමිතව ඇත.

මෙහිදි නායකයින් දෙදෙනාම සහයෝගීතාවයේ තවත් අංශ සහ අසල්වැසියන් දෙදෙනා අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගත හැකි මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩ තිබෙන බවත්  ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය, ආර්ථික සහයෝගිතාව සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය ඇතුළු කරුණු රාශියක් සාකච්ඡා අතරතුරදී සොයා ගැනීමට ඉඩ තිබෙන බවත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිලිබඳ කරුණු වාර්තා කරමින් ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙම සංචාරය සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපතිතුමාගේ ගරු උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද එක් වෙති.

ශානි පොල්ගම්පල

Similar Posts