Similar Posts
කටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01 වැනිදා විවෘත නොවේ
සැලසුම් කළ පරිදි අගෝස්තු මස 01 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සාමාන්‍ය ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ගුවන් තොටුපළ බලධාරීන් පවසනවා. ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය පවසයි.
රඹුක්කනට තවදුරටත් පොලිස් ඇදිරි නීතිය
රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පැනවූ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකය. රඹුක්කන ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සලකාබලා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගත් බව ,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. රඹුක්කන හරහා ගමන් කරන ජනතාව ඒ සඳහා විකල්ප මාර්ග තෝරාගත යුතු බවද පොලීසිය දැනුම් දෙයි.
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවටයි.
ගස්, ගල්, කදු උඩ ඔන්ලයින්
කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපන කටයුතු සඳහා ගස්, ගල්, කදු උඩ නගින්නට සිදුව ඇතැයි,” ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ, ප්‍රවීණ මාධ්‍යවෙිදි ශ්‍රීපාල් වන්නි ආරච්චි මහතා කීවේය. කොරෝනා වසංගතයෙන් අවුරුදු එකහමාරක් තිස්සේ අඩාලවී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රිපාල් වන්නි අාරච්චි මහතා මෙි බව කීවෙිය. ” අපේ රටේ කාලෙන් කාලෙට බලයට පත්වන…
සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතුයි
තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම්…
නොරොච්චෝලේ විදුලි ජනක යන්ත්‍රයක් අක්‍රීය කිරීමට අනුමැතිය
ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය. මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ ගල්අඟුරු හිඟය පිළිබඳ අවධානය යොමුකර නොරොච්චෝලේ…