මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් හා ඊට අදාළ ඉදිරි පියවරයන් මේ වනවිට ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ය. පසුගිය රජයන් කිහිපයක් ම මෙවන් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සහ ගෙන තිබුණ ද එය මේ දක්වා සාර්ථක වී නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම ආයතනය ස්ථාපිත කිරීම අමාත්‍යංශයේ අපේක්ෂාව බව පැවසූ අමාත්‍යවරයා, ඒ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන් ට සිය වෘත්තියට වටිනාකමක් ලබාදීම මෙන් ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ද ලැබෙන බව පැවසීය.