Similar Posts
ගාසා තීරයේ වෛද්‍යවරුන් සැත්කම් නිර්වින්දන නොකර සිදුකරයි – ලෝක සෞඛ්‍ය සංවිධානය
ගාසා තීරයේ සමහර වෛද්‍යවරුන් නිර්වින්දන කිරීමකින් තොරව අත් පා කැපීම් ඇතුළු සැත්කම් සිදු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Christian Lindmeier ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ “ජීවත්වීම සඳහා ජලය, ඉන්ධන, ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා ආරක්ෂිත ප්‍රවේශය සඳහා වූ අවශ්‍යතාවය දැඩිව පවතින බවයි. ගාසා තීරයේ සිවිල්…
මාස 6ක් ඇතුළත වැඩ නොපෙන්වන ඇමතිවරු දොට්ට
අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන වාර්තාවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ. මාස 6 ඇතුළත අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුළ සිදු කර ඇති වැඩ කොටස, ඉලක්ක සපුරාලීම, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේද යන්න සොයා බැලීමට නියමිතය. අදාළ ඇමැතිවරයා නිසි අයුරින් ක්‍රියා කොට නොමැති නම් එම තනතුරුවලින් ඉවත් කිරීමට හෝ…
කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්තියක්
උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…
තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි සංඛ්‍යාව ලක්ෂ දහස ඉක්මවයි
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී තිබෙන බවයි.
ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයක
සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදය බරපතල තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාවද දරුණු ණය අර්බුදයකට මුහුණ දී සිටින බවත් ජී20 රටවල නායකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බරයේ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණියත් එම ණය ලබා ගැනීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු…