යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි.

පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි , මාධ්‍ය පර්යේෂණ සහ පාසල් මාධ්‍ය යන ක්ෂේත්‍ර සඳහා සම්මාන 50ක් පිරිනැමෙනවා.

මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණයින් 4 දෙනෙකුට පිදෙන යාවජීව සම්මාන ඇතුළුව පිරිනැමෙන මුළු සම්මාන සංඛ්‍යාව 54ක්.

තරගාවලියට ඉදිරිපත් කළ හැකි වන්නේ 2023 ජනවාරි මස පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා පළවූ සහ විකාශය කළ නිර්මාණ පමණයි.

නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා ලබන 30 වනදා තෙක් කාලය ලබාදී තිබෙනවා.

Similar Posts