strick

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කර ඇත්තේ, අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ය.

වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා අද දිනයේ ඉටු නොවන අතර අයකැමි අංශ ද වසා දැමීමට සැලසුම් කර තිබේ.

රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12.00ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව ය.

වර්ජනය ක්‍රියාත්මක වුව ද පොම්පාගාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය ද නඩත්තු කටයුතුවලින් ඉවත් වන බව ඔහු සඳහන් කර ඇත.

More Stories