ජාතික නිදහස් දින ප්‍රධාන උත්සවය වෙනුවෙන් මිහින්තලය කදවුරේ පුහුණුවිම් වල නිරත සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් අතරින් තවත් පස්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවි ඇති බව සෞඛ්‍ය අංශ පෙරේදා (27දා) සවස වනවිට තහවුරු කරගෙන තිබුණු අතර කොවිඩ් වැලදුණු සිවිල් ආරක්ෂක භටයින් සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබේ.
සිවිල් ආරක්ෂක බලකා සෙබළුන්ගෙන් ආරම්භවි ඇති රැල්ල හේතුවෙන් ඔවුන්ගේ ආශ්රීතයන් 24ක පමණ ප්‍රමාණයකට රැපිඩ් ඇන්ටිජන පරික්ෂාවන් සිදුකිරිමෙන් පසුව අදාල ආසාධිතයන් හදුනාගෙන තිබේ
ඒ අනුව කදවුරේ පුහුණුව ලැබූ නාවුල පදිංචි සෙබළියකට හා පොලොන්නරුව දම්මින්න පදිංචි සෙබළෙකුට පොලොන්නරුව අරලගංවිල හිගුරක්ගොඩ හා කන්තලේ පදිංචිකරුවන් පස් දෙනෙකුට කොවිඩ් වැලදි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.පුහුණුවීම් වල නිරතව සිටි සෙබළෙකු ස්වෙච්ඡාවෙන්ම පී.සී.ආර් පරික්ෂණයකට සහභාගිවිම නිසා ආසාධිතයන් හදුනා ගැනීමට හැකිවු බව සෞඛ්‍ය අංශ පවසයි.
පුහුණුවීම් වල නිරත සෙබළුන් 47ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සහ ඔවුන් සැරිසැරූ වෙළදසැලක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය