30 වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. මේ අනුව මෙම උත්සවය මැයි මස 19 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම උත්සවයට මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන් සහ දිවි පිදූ රණවිරු පවුල් වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.