අනාගත ජනාධිපතිවරයා තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති අයෙකු විය යුතු බවත් ඔහු පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බවත් කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රජතාතන්ත්‍රවාදී අයිතියක් බව පෙන්වා දෙන කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ලෙස කතෝලික ජනතාව ඇතුළු සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ආගමික අන්තවාදය හා ජාතිවාදය මුලිනුපුටා දමා රටේ සියලු ආගම් හා ජාතීන් අතර සාමකාමී සහජීවනය ගොඩනංවන්නැයි එම සම්මේලනය රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටින කතෝලික රදගුරු සම්මේලනය ඉදිරි ජනාධිපතිවරණයේදී අවංකභාවයට ප්‍රමුඛස්ථානය දෙමින් සියලු ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස සුරක්ෂිත කරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකින අපේක්ෂකයකු තෝරා පත් කර ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතු බව ප්‍රකාශ කරයි.

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමා ඇතුළු සියලුම රදගුරු හිමිපාණන් වහන්සේලා මෙම නිවේදනයට අත්සන් තබා තිබේ.

 

More Stories