මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.

අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

එය වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයක් වෙයි.ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බවටයි විද්‍යාඥයින් අවධාරණය කරයි.

Y වර්ණදේහ නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනු අය වෙයි.

Similar Posts