dengue treatment

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සිදු කරන ලද ඩෙංගු පරික්ෂාවේදි මදුරු තොටිලි සදහා ඉඩ දුන් නිවාස හැටකට (60) එරෙහිව නිති මගින් ක්‍රියා කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත පොලිස්, යුද හමුදා, නගර සභා අඹගමුව සෞඛ්‍ය සේවා කාර්යාල යන ආයතනවල නිලධාරින් හතලික (40) කණ්ඩායමක් විසින් නිවාස හාරසිය නවයක් (409) පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම පරික්ෂාවන්ට පෙර ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගෙන ඩෙංගු රෝගය පිලිබදවත් ඩෙංගු වලක්වා ගැනිමට කල යුතුදේ පිලිබදවත් ජනතාව දැනුවත් කල බවත් එම දැනුවත් කිරිමෙන් අනතුරුව කරන ලද පරික්ෂාවලදි මදුරුවන් ගැවසෙන අකාරයෙන් ඉඩ ලබා දිම සම්බන්දයෙන් එම නිවාස හිමියන්ට නිති මගින් පියවර ගැනිමට කටයුතු කරන බවද වැඩි දුරටත් පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories