corona

ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එම අවදානම කිසිසේත්ම බැහැර කළ නොහැකි බව කී විශේෂඥ වෛද්‍යවරයා මේ අවදානම තේරුම් ගැන ජනතාව කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

ජනතාව හැකිතාක් නිවෙස්වලින් බැහැර වීම සීමා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

එම කාලය තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් 15 ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම – 223 ක්, මහර – 202 ක්, වත්තල – 181 ක්, ගම්පහ – 151 ක්, අත්තනගල්ල – 140 ක්, මීරිගම – 131 ක්, මිනුවන්ගොඩ – 128 ක්, දොම්පෙ – 122 ක්, ජාඇල – 113 ක්, කැලණිය – 97 ක්, දිවුලපිටිය – 93 ක්, මීගමුව – 56 ක්, රාගම – 48 ක්, සීදූව – 40 ක් සහ කටාන – 35 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

Similar Posts