corona-delta

ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමට බොහෝ විට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයන් හේතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම ප්‍රභේදය මෙරටට ඇතුළු වීම ප්‍රමාද කළ හැකි වූවත් 100%ක් නැවැත්විය නොහැකි බවත් යම් හෙයකින් ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එහි පැතිරීම තීරණය වන්නේ, ජනතාවගේ සෞඛ්‍ය පුරුදු මත බවත් ඒ මහතා කීවේය.

ඒ නිසා සෑම විටම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නැයි හේමන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Similar Posts