dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඉදිරියේදී වර්ෂා සමය ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් එය වැළැක්වීම සඳහා විශේෂ අවදානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග රටේ ජනතාවගෙන් බහුතරයක් නිවෙස්වල වැඩි කාලයක් ගත කරන බැවින් එම කාලයේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කර, ඩෙංගු මර්දනයට සහය වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් කරයි.

මාර්තු මස 01 වැනිදා සිට අද (අප්‍රේල් 29දා ) දක්වා ගත වූ දින 60 ක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1831 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

මේ යටතේ ඉකුත් මාර්තු මාසය තුළදී මින් බහුතර රෝගීන් සංඛ්‍යාව වන 1637 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම මස තුළ මේ දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 294 දෙනෙකු වාර්තා වී ඇති බවත් පවතින කොරෝනා වසංගතය හමුවේ ඩෙංගු රෝගය පැතිරීම වැළක්වීමට දක්වන සැලැකිල්ල කිසිසේත් අඩු කර නොගන්නා ලෙස එම අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී .

 

More Stories