2023 මාර්තු 09 වනදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම 2023.02.15 දින මධ්‍යස්ථාන 1,116කදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කොට තිබුණි.
එහෙත් කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 2023.02.15 දින තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු නොකරනු ඇති බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම්දෙන බවද එම නිවේදනයෙන් සඳහන් කරයි.