මීගහතැන්න , තිණියාවල ප්රදේශයේ මුදල් සොරකමක් සම්බන්ධව සැක පිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි හක්ක පටස් වර්ගයේ දේශිය අත් බෝම්බයකින් පහරදුන් පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිණියාවල පොලිසියකියයි.
පොලිස් නිළධාරින්ට තර්ජනය කරමින් හක්ක පටස් එකකින් පහරදි පලා යාමට උත්සාහ කළ සැකකරු මහත් පරිශ්රයකින් පසු අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරිමේදි සැකකරු සන්තකයේ තිබි නීති විරෝධි වායු රයිපලයක් සහ රුපියල් තිස් දහසක මුදලක්ද සොයාගන ඇත.
තිණියාවල, ගල්දෙණි ඇල්ල ප්රදේශයේ නිවසකින් පසුගිය දිනක රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් හොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරු පිළිබද තිණියාවල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ප්රසන්න වැදිසිංහ මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගැනිමට යාමේදි සැකකරු මෙසේ පොලිසියට හක්ක පටස් ප්රහාරය එල්ලකර ඇත.
අත් අඩංගුවට ගත් පුද්ගලයා මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත. තිණියාවල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රසන්න වැදිසිංහ මහතාගේ ප්රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න