මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත තේ ගස් වියළි යාමත් සමග තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙමින් පැවතිමත් සමග තේ කාර්මාන්තය අඩාලවිමේ අවදානමකට ලක්ව ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ආශ්‍රිත තේ වතු අධිකාරිවරුන් දෙතුන් දෙනකු පවසන ලද්දේ මේ වන විට පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත තේ ගස් වියළි යාමේ තත්වයක් පවතින බවත්ය.

මෙම තත්වයන් මත තේ දළු පලදාව දැඩි ලෙස අඩු වෙමින් පවතින බවත් තේ දළු අඩුවිමත් සමග තේ කුඩු නිස්පාදනයද දැඩි ලෙද පහල බැස ඇති බව ඔවුන් පවසති.
තේ දළු අඩු විමෙන් වතු කම්කරුවන්ටද නිසි ලෙස රැකියාවන් කර ගෙන යාමට නොහැකි තත්වන් පවතින බවත් තේ කුඩු නිස්පාදනය අඩු විමෙන් රටේ ආර්ථිකයටද දැඩි බලපැමක් ඇති විමේ අවදානමක් පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts