ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග පිරිනමන බව පවසා හුවමාරු වන ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පවසන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ ව්‍යාජ පණිවිඩ මඟින් ඕනෑම අවස්ථාවක දුරකතන ග්රාහකයන්ගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට අත්පත් කරගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණිවිඩ ඔස්සේ අනිෂ්ට මෘදුකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන එම සංගමය එබැවින් එවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසද පවසයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල ගණනාවක් ලැබී ඇතැයිද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටී.
Similar Posts
බුර්කා තහනමට විරුද්ධව NGO ජිනීවා යයි
බුර්කාව සහ නිකාබය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව මෙරට රාජ්‍ය නොවන සංවිධාන 40කට අධික සංඛ්‍යාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් 1000කට අධික සංඛ්‍යාවක් යවා ඇති බව වාර්තා වේ. මේ බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත යවා ඇති පෙත්සම්වල දක්වා ඇත්තේ බුර්කා තහනම ගෙන එනු ලබන්නේ මුස්ලිම්…
08 වන පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්රියේදී මුද්‍රණයට
08 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්රියේදී මුද්‍රණය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. පාර්ලිමේන්තුව අද (2) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 08කට ICCයෙන් චෝදනා
ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICC විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා කර තිබේ. චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ද ඒ අතර සිටින බවයි වාර්තා වෙයි. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය ( ECB) වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අබුඩාබි T10 ලීගයේ දූෂණ විරෝධී සංග්‍රහය…
හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාර ගනී
හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ අද වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරනු ලැබුවා.
හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක්
හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක් ඉදිකිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් ප්‍රධාන බස් නැවතුම්පල අසල සිට සමනල ගම, බණ්ඩාරනායක පුර, යන ප්‍රදේශවලට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ගමන් කරන බැවින් බස් නැවතුම්පල අසල මාර්ගය…
ගම සමඟ පිළිසඳරක් මීමුරේට
ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා කඩිනම් විසදුම් හිමිවන ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 13 වන දින මීමුරේ ගම්මානයේදී පැවැත්වේ. එහි මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) මීමුරේ විහාරස්ථානයේදී පැවැත්විණි. මීමුරේ, කයිකාවල, කරඹකැටිය, දුන්ගොල්ල ඇතුලුව ග්‍රාම නිලධාරී වසම් පහක ජනතාවගේ ගැටලු…