දකුණු පළාතට අද (01)ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ, පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් ය.
අද දිනයේ පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
මේ අතර, හිටපු අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රුහුණ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කිරිමට නියමිතයි.
දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා රුහුණ විශ්වවිශ්විද්යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තැන්පත් කර තිබේ.