වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් සංවිධානය කරන ලද පාගමනක් 12වන දින හැටන් නගරයෙන් ගමන් ආරම්භ කර තලවාකැලේ නගරය දක්වා ගමන් ගන්නා ලදි.
හැටන් නගරයෙන් තලවාකැලේ නගරය දක්වා ගමන් කරන එම පාගමන ආරම්භ කිරිමට පෙර හැටන් නගරයේදි සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්වු අතර එම අවස්ථාවට හැටන් නගරයේ සියලුම ආගමික පුජකවරුනක්ද එක්ව සිටින ලදි.
මෙම පාගමන සදහා ද්‍රවිඩ ප්‍රගතිශිලි සංධානයේ පාර්ලීමේන්තු මංත්‍රිවරුන් වන පලනි දිගම්බරන්, මනෝ ගනේසන් යන මහත්වරුන් ඇතුළු එම සංධානයේ ප්‍රාදේශීය නයකයන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර මෙම පාගමනට සුභ පතා හැටන් නගරයේ වෙළද සැල් බොහොමයක ජාතික කොඩිද ඔසවා තිබුනි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්