හැටන් ඉන්දන හලකට දින තුනකට පසුව ඩීසල් ලැබිමත් සමග ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන විශාල ප්‍රමාණයක් පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක.

හැටන් නගරයේ පවතින මෙම ඉන්දන හලට ලැබුන ඩීසල් ලබා ගැනිම සදහා රථ වාහන හා බූලී රැගත් පිරිස් පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

ඩිසල් හිගය හේතුවෙන් හැටන් සිට ධාවනය වන පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවතට

 

පවතින ඩිසල් හිගය හේතුවෙන් හැටන් සිට ධාවනය වන පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවත් කිරිමට සිදුවිමත් සමග මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ හිමියන් මෙන්ම එම බස් රථ රියදුරු කොන්දොස්තරවරුන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් රථ හිමියන් කිප දෙනකු හා බස් රථ රියදුරු කොන්දොස්තරවරුන් කිප දෙනකුම පවසන ලද්දේ පවතින ඩිසල් හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලික බස් රථ ධාවන කටයුතු අඩාලවි ඇති බවත්ය.

හැටන් කොළඹ, හැටන් මහනුවර, හැටන් නුවරඑළිය මාර්ගවල ධාවනය වන පුද්ගලික බස් රථ සියයට හැත්තැවක් පමන ධාවනය නොවන බවත් කෙටි මාර්ගවල ධාවනය වන බස් රථ සැලකිය යුතු ප්‍රමාණයක් ධාවනය නොවන බවද ඔවුන් පවසති.

මෙම ප්‍රදේශයේ ඉන්දන හල්වලට ඩිසල් ලැබුන විට මෙම පුද්ගලික බස් රථ සදහා රුපියල් දෙදහසක තුන් දහසක පමන ඩිසල් ලබා දෙන බවත් එම ඩිසල් බස් රථවලට ප්‍රමානවත් නොවන බවද ඔවුන් පවසති.

මෙම ඉන්දන හල්වලින් පුද්ගලික බස් රථ සදහා ඉන්දන ටැංකිය පිරෙන තෙක් ඩිසල් ලබා දෙන්නේ නම් කිසිදු කරදරයකින් තොරව පුද්ගලික බස් රථ ධාවනය කල හැකි බවද ඔවුන් පවසති.

එමෙන්ම සමහර ඉන්දන හල් සේවකයන් සමහර පිරිස් සමග කතා කරගෙන බුලීවලට ඩිසල් වැඩි වශයෙන් ලබා දෙන බවත් මෙකි සමහර පුද්ගලයන් එම ඩිසල් වැඩි මිලට විකිනිම සිදු කරන බවත් මෙසේ බුලීවලට වැඩි පුර ඩිසල් ලබා දිම පවතින ඩිසල් හිගයට එක් හේතුවක්වි ඇති බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

පවතින ඩිසල් හිගය හේතුවෙන් පුද්ගලික බස් රථ නිසි ලෙස ධාවනය නොවිමෙන් තමන්ට ලැබෙන දෛනික ආදායම අහිමිවිමෙන් තම දරු පවුල්ද දැඩි දුෂ්කරතාවයන්ට පත් වන බවද එම පිරිස් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts