දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 18 තුළද දිවයින පුරා තවදුරටත් දැඩි වෙමින් ඇදහැළෙනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.
මේ අතර, අධික වැසි සමග ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.