අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.3 ක් ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ නගරයෙනි.

කොළඹ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 – 04 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Similar Posts