දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 55,846 අයත් පුද්ගලයින් දෙලක්ෂ 36,556 දෙනෙකු වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ජනතාව පානීය ජල අර්බුදයෙන් පීඩා විදින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.