දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයට සූදානම් කර තිබූ තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි.

මේ වන විට දුම්රිය සේවය ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙරට අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ හේතුවෙන් සේවයට වාර්තා නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියි.

Similar Posts