ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය විසින් පවත්වනු ලබන සම්මේලනය හෙට දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද සහභාගි වීමට නියමිතයි. මෙම සමුළුව සංවිධානය කිරීමේ ප්‍රධානත්වය දරණ කුමාර වෙල්ගම මහතා පවසන්නේ හෙට දින ඔවුන්ගේ ශක්තිය පොහොට්ටුවේ නායකයන්ට මෙන්ම රටේම ජනතාවට බලා ගත හැකි වන බවයි. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මෙවර ජනාධිපතිවරනයේදී පරාජය වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට ගෝටාභය රාජපක්ෂ පරාජය වීම අත්‍යවශ්‍ය බවයි.

මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග, හිටපු නගරාධිපති කේ.එච් බුද්ධදාස ඇතුලු ශ්‍රී.ල.නි.ප සංවිධායකයන් විශාල පිරිසක් මෙම සමුළුවේ සංවිධාන කටයුතු වල නිරත වෙයි.

දේශපාලන ආරංචි මාර්ග වලට අනුව හෙට දින දේශපාලන ලෝකය කළඹවමින් ගෝටාභය රාජපක්ෂ මහතාට සහභාගිවීමට එක් වුනු දේශපාලන ප්‍රබලයන් කිහිප දෙනෙක් මෙම සමුළුවට එක් වීමට නියමිතයි.

තවත් ප්‍රබලයන් කිහිප දෙනෙක් මේ සමුළුවේ සාර්ථකත්වය මත ඉදිරි දේශපාලන තීරණ ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.

More Stories