රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් මත පුද්ගලික බස් රථ ධාවනය කරවිම පාඩු බව පවසමින් 28වන දින හැටන් සිට ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇති අතර බස් රථ කිපයක් පමනක් ධවනය කරවිමට පියවර ගෙන තිබුනි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් පවසන ලද්දේ රජයේ සෞඛ්‍ය උපදෙස් මත මගින් අඩක් රැගෙන යාමෙන් තම බස් රථවලට ඉන්දන සදහා වැයවන මුදලවත් සොයා ගැනිමට නොහැකි බවත් එම තත්වයන් මත බස් රථ ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගත් බවත්ය.

එහෙත් සමහර බස් හිමියන් පවසන ලද්දේ මෙම අවස්ථාවේ මගින්ගේ ගමන් පහසුව සදහා සෞඛ්‍ය උපදෙස් මත බස් රථ ධාවනයට එක් කිරිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Similar Posts