නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ලොවපුරා කිතුණු බැතිමතුන්  මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවුණි.

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කිරීමේ දිනය අදයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍යාමරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගව ලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා.

දෙවියන් වහන්සේගේ සුභාරංචිය ද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන්නක්.

උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ අවබෝධය, ඉගැන්වීම්, මානව වර්ගයාගේ විමුක්තියට මගපෑදු බව කිතුණු බැතිමතුන්ගේ විශ්වාසයයි.

උදා වූ නත්තල ලොවවාසි කිතුණුවන්ට අසිරිමත් නත්තලක් වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

More Stories