මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයට සහභාගි වූ 56%ක් ප්‍රකාශ කර තිබේ.
මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එම සමීක්ෂණයේදී ‘ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට ඊට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක් (34%) ‘ඔව්’ යැයි පිළිතුරු දී ඇති බව සඳහන්.
මෙලෙස ‘ඔව්’ යැයි පිළිතුරු ලබාදුන් අයගෙන් 56% ක් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහසත් ඉන් අඩුවෙයි’ යන්න අදහස් ලබා දී තිබුණි.
‘එයින් වැඩි වෙනසක් සිදු නොවේ’ යැයි 25% ක් පවසා ඇති අතර 19% දෙනෙක් කියා ඇත්තේ සමාජ මාධ්‍ය අවභාවිතා වීම ඉන් අඩුවනු ඇති බවයි.
පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනත සම්මත කර ගැනීමට එහි සඳහන් වගන්ති 31ක් සංශෝධනය විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.