වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය අද (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) දැනුම් දුන්නේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විිනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා කියා සිටියේ තමන් නිතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සමග එකගමන බවත් ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසත්ය.
දෙපාර්ශ්වයේ ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව අද (19) ලබා දෙන බවට දැනුම් දෙමින් නඩුව කල් තැබීය.