පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයන් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සඳහන් කළේ එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවයි.

නැ‍ගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ නැගෙනහිර පළාතේ සිදුවිය හැකි ආපදා අවම කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි.

ජලය අක්‍රමවත්ව බැස නොයාම හේතුවෙන් දින ගණනාවක් ජලයෙන් යටව පැවති ප්‍රදේශ පිළිබඳ මේ වන විට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබෙනවා.

More Stories