ජනාධිපති , අගමැති , විපක්ෂ නායක , හිටපු ජනපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්විමට නියමිතව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ , සිය සංගමය ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාව පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.