විවිධ ප්‍රදේශවල සිට මධ්‍යම පලාතට පැමිනෙන පිරිස් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිම ස්ථාන තුනකදි සිදු කිරිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා පවසයි.
මෙම උත්සව සමයන් තුලදි ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට විශේෂයෙන් මධ්‍යම පලාතේ නුවරඑළිය වසන්ත උත්සවය සදහා විශාල පිරිසක් පැමිනෙන බවත් එම අය අතර කොවිඩ් ආසාදිතයන් සිටිද යන්න පරික්ෂා කිරිම සදහා මෙම අහඹු පි. ආර්. ආර්. පරික්ෂාවන් සිදු කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු පවසන ලදි.
මෙම ස්ථාන තුනට අමතරව විවිධ ස්ථානවලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කිරිමට පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත දිනකට අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් 70කට අධික ප්‍රමාණයක් සිදු කිරිම් කරන බවද ඔහු තව දුරටත් පවසන ලදි.
මෙම උත්සව සමයට පැමිනෙන පිරිස් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කිරිමට පියවර ගන්නා ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්