නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා වීදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රාදේශිය කාර්යාලයක් නොමැතිවිමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විදෙස් රැකියා සදහා පිටව යන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි.
හැටන් සීඩා ආයතනයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මයිකල් ජෝකිම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
නුවරඑළිය දිස්ත්‍රික්කය විශාල දිස්ත්‍රික්කයක් මෙහි වතු කම්කරුවන් ඇතුළු තවත් විශාල පිරිසක් ජිවත් වනවා මෙම දිස්ත්‍රික්කයේ 2022 වර්ෂයේදි පන්දාහාස් හාරසිය විසි දෙනකු (5420) විදෙස් ගතවෙලා ඉන්නේ මෙයින් විශාල පිරිසක් වතු කම්කරුවන් වෙන්නත් පුලුවන්.
මෙම ප්‍රදේශයෙන් විදෙස් ගතවන අයට විදෙස් ගතවිමේදි අවශ්‍ය කටයුතු කර ගැනිම සදහා කොළඹ පිහිටි විදෙස් සේවා නියුක්තිකයන්ගේ කාර්යාලයට යාම දුෂ්කර තත්වයන්ට පත් වෙලා තියෙන්නේ මොකද මෙහි සිට කොළඹ විශාල මුදලක් වැය කරන්න සිදුවනවා.
මේ වතුකරයේ වීශේෂයෙන් කාන්තාවන් විදෙස් ගත විමට යාමේ දැඩි තවත් අයෙකු සමග යායුතුයි එවිට එසේ යන අයටත් වියදම් කරන්න වෙනවා මෙම තත්වයන් මත මෙම ප්‍රදේශයේ අය විදෙස් ගතවිමේදි දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙන්නේ මෙම දිස්ත්‍රික්කයේ පිරිස් විදෙස් රැකියා සදහා යාමෙන් එම අයගෙන්ද මේ රටට ඩොලර් ලැබෙනවා.
එම නිසා මෙම ප්‍රදේශයේ අයට විදෙස් රැකියා සදහා යාමට අවශ්‍ය කටයුතු කර ගැනිමට විදෙස් සේවා නියුක්තිකයන්ගේ කාර්යාලයක් ආරම්භ කරන්නේ නම් එය මෙම ප්‍රදේශයේ ජනතාවට කරන විශාල සහනයක්.
අපි ප්‍රිඩෝ ආයතනය විදියට මෙ ඉල්ලිම මෙයට වසර පහකට පමන පෙරත් කලා එත් එය මේ වන තෙක් ඉටුවි නැහැ විදෙස් නියුක්තිකයන්ගේ හඩ යනුවෙන් පිහිටුවා ඇති සංවිධාන මගින් කරන ලද ඉල්ලිමක් මත මඩකලපුව හා අම්පාර දිසුත්‍රික්කවල මේ වන විට විදෙස් සේවා නියුක්තික ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා ඇති අතර එම කාර්යාල මගින් එම ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදු වෙනවා.
එම තත්වයන් මත අපි නැවත ඉල්ලා සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේද විදෙස් සේවා නියුක්තිකයන්ගේ කාර්යාලයක් පිහිටුවන ලෙසයි මේ පිලිබදව ඉදිරියේදි තිස් දාහාක පනස්දාහාක පමන ජනතාවකගේ අත්සන් ලබා ගෙන පෙත්සමක් අදාල ආයතන වෙත ඉදිරිපත් කිරිමටත් අපි කටයුතු කරනවා.
මෙහිදි අදහස් දැක්වු ආගරපතන වේවලි වතුයායේ පදිංචි පී. පුෂ්පරාණි මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා විදෙස් සේවා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නොමැවිම මෙම ප්‍රදේශයෙන් විදෙස් රැකියා සදහා යන අයට විශාල ප්‍රශ්නයක්.
මොකද විදෙස් රැකියා සදහා යන අයට හැම දෙයක්ම කර ගැනිමට කොළඹ යායුතුයි එසේ කොළඹ යාමට එක් ගමන් වාරයක් සදහා තනි අයකුට රුපියල් දෙතුන් දාහාක් වැය වෙනවා මෙම ප්‍රදේශයේ එම ආයතනයට කාන්තාවක් යනවානම් ඇයගේ තනියට තවත් අයෙක් සමග යායුතුයි එවිට ඔහුටත් අවශ්‍ය වියදම් දැරිමටත් සිදුවනවා.
එමෙන්ම විදෙස් රැකියා සදහා ගිය අයකුගේ යම් ප්‍රශ්නයක් ගැන කතා කිරිමටත් කොළඹ යාමට සිදුවිමත් දැඩි ගැටලුවක් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර නුවරඑළිය දිස්ත්‍රික්කයට විදෙස් සේවා නියුක්තිකයන්ගේ කාර්යාලයක් පිහිටුවිමට පියවර ගන්නේ නම් එය මෙම දිස්ත්‍රික්කයේ විදෙස් රැකියා සදහා පිටව යන අයටත් ඔවුන්ගේ පවුල්වල අයටත් විශාල සහනයක්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories