නුවරඑළිය මහ නගර සභා සිමාවට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් නානුඔය පිටාර ගැලිමෙන් වෙළදසැල් රැසක් ජලයෙන් යටවි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.
නුවරඑළිය බස් නැවතුම් පොලට පිටුපසින් ගලා බසින නානුඔය ඇලට යාබදව පිහිටි වෙලදසැල් 10 ක් පමණ ජලයෙන් යටවි ඇති බවත් ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙකම විවෘත කල බවද රංජිත් අලහකෝන් මහතා වැඩි දුරටත් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ