නුවරඑළිය වෙඩමන් පාර පැරනි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ගොඩනැගිල්ලක් ඉදි කරන ස්ථානයක පස් කන්දක් කඩා වැටිමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇත.

මෙම ස්ථානයේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුතුවල පෙදරේරුවන් ලෙස කටයුතු කරමින් සිටි අවුරුදු 42ක් වයසැති කේ. නිලන්ත, අවුරුදු 21ක් වයසැති පි. එම්. සි. රුක්ෂාන් යන දෙදෙනා (මාමා හා බෑනැ) එම ස්ථානයේ අඩි 25ක් පමන උස පස් කන්ද කඩා වැටිමෙන් එහි පස්වලට යටව මෙසේ මිය ගොස් ඇත.

මෙම පස් කන්ද කඩා වැටිමෙන් පසු එම පස් ඉවත් කිරිමට පැය එකයි විනාඩි තිහක පමන කාලයක් ගතව ඇති අතර එම පස් එසේ ඉවත් කර මෙම දෙදෙනා එලියට ගැනිම සදහා විශාල වෙහෙසක් ගැනිමට සිදුවු බව නුවරඑළිය පොලිසියේ නිලධාරියකු පැවසිය.

මෙම පස් කන්ද කඩා වැටිමෙන් මිය ගිය අයගගේ මරණ පරික්ෂණ පැවැත්විම සදහා එම මල සිරුරු නුවරඑළිය මහ රෝහල වෙත ගෙන ගොස් ඇති බවත් මෙම සිද්දිය පිලිබදව වැඩි දුර පරික්ෂන නුවරඑළිය පොලිසිය විසින් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts