මස්කෙළිය හා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල් තව දුරටත් වැඩි දියුණු කිරිම තුලින් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් වර්ධනය කිරිමටත් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වැඩි වශයෙන් ලබා දිමටත් හැකි බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
එම පෙරමුණේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 24වන දින මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
බගවන්තලාව හා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල්වල පවතින පහසුකම් මදි විමෙන් එම ප්‍රදේශවල බොහෝ රෝගින් විවිධ සායන සදහා මෙන්ම විවිධ රෝග සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනිමට දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් රෝහල වෙත පැමිනිම තුල එම රෝහල මේ වන විට දැඩි කාර්ය බහුල තත්වයකට පත්ව තිබෙනවා.
මෙම රෝහලේ සමහර සායනවලට පැමිනෙන රෝගින් තම සායන සදහා අවශ්‍ය අංක ලබා ගැනිමට පැමිනෙන්නේ අදාල දිනයට පෙර දින රාත්‍රියේ හෝ එදින අළුයම දෙක තුන පමන වන විට මෙම තත්වයන් මත එම රෝගින් දැඩි දුෂ්කරථාවයන්ට පත් විමයි සිදු වන්නේ.
මස්කෙළිය, බගවන්තලාව යන රෝහල් දෙක සදහා දැනට සිටින වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්ඩලය වැඩි කර එම රෝහල් දෙක සදහාද විවිධ සායන පැවැත්විමට අවශ්‍ය පහසුකම් ලබා දිමට පියවර ගැනිම තුලින් එම ප්‍රදේශවල ජිවත්වන පිරිස්වලට විශාල සහනයක් ලැබෙන අතර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ පවතින තදබදයටද විසදුමක් ලැබෙනවා.
බගවන්තලාව මස්කෙළිය ප්‍රාදේශීය රෝහල් දෙක වැඩි දියුනු කිරිම කෙරෙහි නව රජයේ හෝ අවදානය යොමු කරන්නේ නම් එය එම ප්‍රදේශවල ජිවත්ව ජනතාවට කරනු ලබන විශාල සේවයක් බවයි මාගේ හැගිම.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්