නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින විවිධ අඩුපාඩු හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබා ගැනිමට පැමිනෙණ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ඒ සදහා අවශ්‍ය පිලියම් යෙදිමට පියවර ගන්නා ලෙස ප්‍රිඩෝ ආයතන පෙත්සමක් බාර දෙමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති.
ප්‍රිඩෝ ආයතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන හා සිවිල් සංවිධාන සමග එක්ව නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විසි දාහාස් අටසිය අනු නව දෙනකුගේ(20988) අත්සන් සහිත පෙත්සමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට බාරදි එහි පිටපතක් හැටන්හි පිහිටි ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට බාර දිම සිදු කරන ලදි.
මෙහිදි අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ කොටගල කාර්යාලයේ ස්ථාන බාර නිලධාරි එන්. කරුණාකරන් මහතා පවසන ලද්දේ නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින විවිධ අඩු පාඩු හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් සැපයිමේදි ජනතාව විවිධ ගැටළුවලට මුහුණ දෙන බවත්ය.
විශේෂයෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ට වාඩ්වි වැඩ කිරිමට පවා ඉඩකඩ ප්‍රමානවත් නොවන බවත් විවිධ කටයුතු ඉටු කිරිම සදහා නිලධාරින් පත් කර නොමැති බවත් මෙම තත්වයන් මත මහජනතාවගේද එහි කාර්ය මණ්ඩලයේද කාලය මෙන්ම මුදල්ද නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන අපතේ යාමක් සිදුවන බවද ඔහු පවසයි.
එම තත්වයන් පිලිබදව සි. සි. සි. ඩි. ජේ. ව්‍යාපෘතියක් ලෙස ආයතන 18ක් විසින් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජිවත් වන විසි දාහාස් අටසිය අනුනව දෙනකුගේ අත්සන් සහිත පෙත්සමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට බාරදි එහි පිටපත ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හැටන්හි පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට බාර දිමට පියවර ගත් බවද ඔහු වැඩි දුරටත් පැවසිය.
එම පෙත්සම ප්‍රිඩෝ ආයතනයේ කොටගල කාර්යාලයේ ස්ථානබාර නිලධාරි එන්. කරුණාකරන්, වීලිඩ් ලංකා ආයතනයේ විධායක අධ්යක්ෂ පි. තිරුචෙල්වම්, සිප්ස් ආයතනයේ නිලධාරි වි. සිවචන්ද්‍රන් යන මහත්වරුන් විසින් ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හැටන්හි පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධිකාරක හා ස්ථාන බාර නිලධාරිනි කුමුදිනි විතාන මහත්මිය වෙත බාර දෙන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්