දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.