හෙට දින (14) පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සාර්ථකව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මහතා පවසයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 534ක ඡන්දය පැවැත්විම සදහා අවශ්‍ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා ඇතුළු උපකරන 13වන දින නුවරඑළියේදි ලබා දිමට පියවර ගත් බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මස්කෙළිය, කොත්මලේ, හගුරන්කෙත, වලපනේ යනුවෙන් මැතිවරණ කොට්ඨාශ හතරක් පවතින බවත් මෙහි සමස්ථ ඡන්ද සංඛ්‍යාව 605292ක්වන අතර එය නුවරඑළිය මස්කෙළිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද 347646, කොත්මලේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද 88219, හගුරන්කෙත මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද 78,437, වලපනේ මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද 90, 990ක් වශයෙන් පවතින බවත්ය.

මැතිවරණය පැවැත්විමේදි යම් ආපදා තත්වයක් ඇතිවුවහොත් ඊට මුන දෙමින් සාර්ථකව මැතිවරණ කටයුතු සිදු කිරිම සදහා ආපදා කළමණාකරණ අංශය සුදානම් කර ඇති බවත් මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සදහා පොලිසියේ හා යුධ හමුදාවේ නිලධාරින් 2500ක් යෙදවිමට පියවර ගෙන ඇති අතර මෙම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල සාමකාමි මැතිවරණයක් පැවැත්විම සදහා අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts