thusan

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවැසීය.

දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

Similar Posts