නල්ලතන්නිය පොලිස් බල ප්‍රදේශයේ මරේ වතුයායේදි පාසල් සිසුන්ට එල්ලවු බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් හත් දෙනකු (07) තුවාල ලබා රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම සිසුන් මරේ විදුහලේ ඉගෙනුම ලබන බවත් මෙම සිසුන් පාසල නිමවි නිවෙස් බලා යන අතරතුරදි එම සිසුන්ට බඹර ප්‍රහාරයක් එල්ලවි ඇති බවත්ය.
එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන් හත් දෙනකු ප්‍රථිකාර සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන්ගේ තත්වයන් බරපතල නොවන බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්